ජෝතිර්විද්‍යාව හැඳින්වීම

ජෝතීර්විද්‍යාව (Astrology) යනු, මානව ශිෂ්ටාචාරයට අයත් තවත් එක් විශිෂ්ට ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි. එය මිනිසාගේ ජීවිතය සහ සංස්කෘතිය කෙරෙහි බොහෝ සෙයින් දායක වී ඇති අතර ග‍්‍රහලෝක සහ තාරකාවල පිහිටීම අනුව මානව වර්ගයා පිළිබඳ අතීත, වර්තමාන සහ අනාගත තොරතුරු අවබෝධ කරවීම මෙන් ම ස්වයං පුද්ගල විනිශ්චීය මෙවලමක් ලෙස ද හැඳින්විය හැකි වේ. එමෙන් ම පුද්ගලයින් පිළිබඳව අන්තර් ඥානයක් ගොඩනංවනු ලබයි. ඡුන්ම පත‍්‍ර සටහන යනු කිසියම් පුද්ගලයෙකු උපත ලද වර්ෂය, මාසය සහ දිනය මෙන් ම වේලාවට අනුව සෞරග‍්‍රහ මණ්ඩලයේ තථ්‍ය පිහිටීමේ සටහන යි. එම පිහිටීම පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වන අතර එමගින් ඒ ඒ පුද්ගලයා සතු සවිඥානික, චර්යාත්මක සහ සිතිවිලි ස්වාභාවයන් පිළිබඳව අවබෝධ කරගත හැක. නිදසුනක් වශයෙන් සඳු ග‍්‍රහයාගේ පිහිටීම අනුව පුද්ගලයාගේ හැඟීම් ලෝකය පිළිබඳවත් බුද ග‍්‍රහයාගේ පිහිටීම අනුව පුද්ගලයාගේ බුද්ධිමය ලෝකය පිළිබඳවත් ප‍්‍රකාශ කළ හැකි වේ. එනම්, ජෝතීර්විද්‍යාව යනු විශ්වීය මූලධර්ම පිළිබිඹු කරන මිනිස් මනස හා චර්යාව කෙරෙහි එහි බලපෑම් ඇති කෙරෙන ආකාරය පෙන්නුම් කෙරෙන මාර්ගෝපදේශන සිතියමක් ලෙස හැඳින්විය හැක.

මනෝවිද්‍යාත්මක උපදේශනය හැඳින්වීම

උපදේශනය (Counselling) යනු, මනෝවිද්‍යාවෙහි ව්‍යවහාරික අංශයට අයත් උප විෂයය ශාඛාවක්වන අතර එමගින් පුද්ගලයාගේ ජීවිත කාලය පුරාවට ම ක‍්‍රියාත්මකව පවතින පෞද්ගලික හා අන්තර් ක‍්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන මානසික, සමාජීය, වෘත්තීයමය, අධ්‍යාපනික, සෞඛ්‍ය සහ මානව සම්බන්ධතා යනාදී අංශවල වර්ධනය කෙරෙහි මගපෙන්වනු ලබයි. එමෙන් ම මේ සඳහා මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳව දැනුම, අත්දැකීම් සහ පළපුරුද්ද සහිත වෘත්තීය උපදේශකවරයෙකු කටයුතු කළ යුතුය.

Load WordPress Sites in as fast as 37ms!

ජෝතීර්විද්‍යාත්මක උපදේශනය හැඳින්වීම 

ජෝතීර්විද්‍යාත්මක මනෝවිද්‍යාව හෙවත් ජෝතීර්විද්‍යාත්මක උපදේශන මනෝවිද්‍යාව (Astro-psychology / Astrological Counselling Psychology) යනු, අතිදුර්ලභ ව්‍යූහාත්මක සහ ගුණාත්මකභාවයක් සහිත යථාතථ්‍යභාවී සංලක්ෂණ සහිත මනෝවිද්‍යාත්මක පදනමකින් යුතු ග‍්‍රහ තාරකා ශාස්ත‍්‍රවල ක‍්‍රියාකාරීත්වය සහ බලපෑම පදනම් කරගත් විද්‍යාවක් ලෙස හඳුනාගත හැකි වේ. එමෙන් ම මෙම විෂය ක්ෂේත‍්‍රයෙහි විෂය පථය උපදේශනය සහ ජෝතීර්විද්‍යාව සමඟ සම්බන්ධ වන අතර එමගින් පුද්ගලයා පිළිබඳව ගැඹුරු දැක්මක් හා ගවේශනාත්මක අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වේ. එනම්, ඒ ඒ පුද්ගලයින්ට කළ හැකි සහ කළ නොහැකි දේවල් මෙන් ම තමා පිළිබඳව ම ඇති ආකල්පයන් සහ හැඟීම් හෝ ගැටලූ පිළිබඳව බලන ආකාරය ගැඹුරු වෙනසකට ලක් කෙරේ. එහිදී පුද්ගලයාගේ ඇතැම් ජීවවිද්‍යාත්මක ගැටලූ, කුඩා කල අත්දැකීම්, පවුලේ තත්ත්වය, විවාහය සහ අධ්‍යාපන පසුබිම වැනි බොහෝ දෑ ගවේශනය කොට ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතී.

ජෝතීර්වේදී උපදේශකයෙකු සතු ආචාරධර්මීය පදනම සහ සේවාලාභියෙකු සඳහා අත්වන ප‍්‍රයෝජන

ජාත්‍යන්තර ජෝතීර්විද්‍යාත්මක පර්යේෂණ සංගමයෙහි ආචාරධර්ම මාලාවේ D කොටසෙහි (International Society of Astrological Research – ISAR – Ethics Code : Section D) සඳහන් වන පරිදි ජෝතීර්වේදී උපදේශයෙකු විසින් පහත සඳහන් ආචාරධර්ම පිළිපැදිය යුතුය. එනම්,

  1. පුද්ගලයාගේ ඔහුගේ ශක්‍යතා සහ කුසලතා හඳුනාගැනීමය සහය විය යුතුය.
  2. පුද්ගලයාට ජීවිතයේ ගැටලූ සහගත අවස්ථාවන්, මුහුණදීමට ඇති අසීරු කාලපරිච්ෙඡ්ද සහ අවස්ථාවන් පිළිබඳව අන්තර් ඥානයක් ලබාදිය යුතුය.
  3. පුද්ගල ජීවිතයේ වර්ධනය සහ සංවර්ධනයවීමේ රටාවන් පිළිබඳව පැහැදිලි කළ යුතුය.
  4. ජීවිතයේ අරමුණු සහ දිශානතිය පිළිබඳව පැහැදිලි කළ යුතුය.
  5. ජීවිතයේ විවිධ අවධීන් සහ ජීවිත අත්දැකීම්වල අර්ථය ගවේශනය කළ යුතුය.
  6. විවිධ ක‍්‍රියාවල ප‍්‍රතිඵල සහ තීරණ ගත යුතු කාල පරාසයන් පිළිබඳව මගපෙන්වීම කළ යුතුය.

එමෙන් ම මෙහිදී මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශ භාවිතා කරන අතර එයට ජෝතීර්විද්‍යාත්මක සංකල්ප සහ පුහුණුව භාවිතා කරයි. සාමාන්‍යයෙන් මෙහිදී දින 1 ත් 3 ත් අතර  සැසි වාර භාවිතා කෙරේ. මෙම ජෝතීර්විද්‍යාත්මක උපදේශන සැසිවලදී පහත ආකාරයේ ප‍්‍රයෝජන සේවාලාභීන්ට හිමි වේ.

Load WordPress Sites in as fast as 37ms!
  1. සේවාලාභියාගේ දැනුවත්භාවයකින් තොරව ඔහු හෝ ඇය තුළ සැඟව පවත්නා මතුපිටට නොපෙනෙන අන්තර් ආත්මීය අර්බුද, අවිඥානික ප‍්‍රයෝග, මානසික වේදනාවන්, ගැටලූ, සිතිවිලි අර්ථ දැක්වීම සහ සූත‍්‍රගත කොට පෙන්වාදීම.
  2. අදාළ ගැටලූ වලට උපදේශනය සිදු කෙරෙන අතර අවශ්‍ය විටෙක මනෝප‍්‍රතිකාර ද ලබා දෙයි.
  3. බාහිර ග‍්‍රහලෝක වල බලපෑමෙන් සමස්තය සිදුවන්නේ යැයි පවසනු වෙනුවට එය මාර්ග නිර්දේශනයක් ලෙස ගෙන පුද්ගල ජීවිතයේ අත්දැකීම් සහ වගකීම් පිළිබඳව මතක් කර දෙමින් නිවැරිදි දිශානතියකට යොමු කරමින් මානසික සහ අධ්‍යාත්මක සහනයක් සහ දැනුවත්භාවයක් ලබා දීමට කටයුතු කරයි.
  4. පුද්ගලයාට තමාගේ හැකියාවන් සහ ස්වාභාවය පිළිබඳව ස්වයං අවබෝධයක් ලබාගෙන ජීවිතයේ සංක‍්‍රාන්ති සමයකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීම.
  5. තමාට තමා පිළිබඳව සවිඥානික පුද්ගලයෙකු බවට පත් කොට තමා පිළිබඳව සහ ලෝකය පිළිබඳව නව දැක්මකින් යුතුව බැලීමට හුරු කරවයි.
  6. කරදර කාලයකදී එම තත්ත්වය තුළින් ඉගෙනගත හැකි දේ, අවබෝධ කරගත යුතු දේ, එම අවස්ථාවෙන් ජීවිතයට ගතහැකි ධනාත්මක දේවල් දැකීමට හුරු කරවයි.
  7. මනස යනු බහු ස්ථරායික භූදර්ශනයක් වැන්නක් ලෙස ත් එහි ස්වාභාවය අවබෝධ කොට ගෙන මනස ව්‍යාකූල අවස්ථාවන්හීදී ජීවිතයේ අර්ථය පවත්වාගත යුතු ආකාරය පෙන්වාදෙයි.

මෙම අර්ථදැක්වීම් වලට අනුව මනෝවිද්‍යාව, මනෝ උපදේශනය සහ ජෝතීර්විද්‍යාව අතර ඇත්තේ ඉතා වෘත්තීයමය සහ ඥානාත්මක සම්බන්ධතාවක් බව ප‍්‍රකට වේ. 

ඒ අනුව ජෝතීර්විද්‍යාත්මක උපදේශන මනෝවිද්‍යාව සඳහා සංස්කෘතිකමය වටිනාකමකින් යුත් ඓතිහාසික විකාශනයක් පවතින බවත් නූතන මනෝවිද්‍යා උපදේශනය සඳහා මෙය භාවිතයට ගැනීමෙන් පුද්ගලයා කෙරෙහි මනෝවිද්‍යාත්මක වශයෙන් ද දාර්ශනික වශයෙන් ද අධ්‍යාත්මික වශයෙන් ද පෙරට වඩා වඩාත් ධනාත්මක ලෙස බලපාන බවත් සාමාන්‍ය උපදේශන සැසිවලට වඩා  අඩු කාලයකින් සහ වැඩි අන්තර්ඥානයකින් යුක්තව පුද්ගල අභ්‍යන්තරික ගතිලක්ෂණ හා චර්යාත්මක ස්වාභාවයන් හඳුනාගැනීමට උපකාරීවන බව අනාවරණය වේ.

නිගමනය

ඒ අනුව මෙම අධ්‍යයනයෙන් අනාවරණය වන්නේ, ජෝතීර්විද්‍යාත්මක උපදේශන මනෝවිද්‍යාව යනු, ජෝතිශ්‍ය ශාස්ත‍්‍රය පිළිබඳ උපදේශනාත්මක උප කුලකයක්වන අතර පෞරුෂත්වය, මානසික ගැටලූ, අක‍්‍රමතා සහ ව්‍යාධීන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට උපකාරීවන ජනප‍්‍රිය වෙමින් පවතින විෂය ක්ෂේත‍්‍රයක් බවයි.

Load WordPress Sites in as fast as 37ms!