උපදේශන මනෝවිද්‍යාව යනු, ව්‍යවහාරික මනෝවිද්‍යා ක්ෂේත‍්‍රයට අයත් තවත් එක් ප‍්‍රධාන උපවිශය ශාඛාවක් ලෙස හැඳින්විය හැක. උපදේශන මනෝවිද්‍යාව, ව්‍යහාරික මනෝවිද්‍යා ක්ෂේත‍්‍රය තුළ දෙවැනි වනුයේ සායනික මනෝවිද්‍යාවට පමණි. මෙහිදී උපදේශන මනෝවිද්‍යාවේ එන න්‍යායන් සහ මූලධර්ම ප‍්‍රායෝගිකව භාවිතා කරමින් පුද්ගලයින් තුළ පවතින චිත්තවේගික, සමාජීය, වෘත්තීය, අධ්‍යාපනික, සෞඛ්‍යමය ගැටලූ සහ අක‍්‍රමතා සඳහා අවශ්‍ය මගපෙන්වීම, විසඳුම් ලබාදීම හා මනෝප‍්‍රතිකාර කිරීම ඔස්සේ ගැටලූ නිවාරණය කර  සුවපත්භාවයට පත් කරවනු ලබයි.  මේ අනුව පවුල්, අධ්‍යාපන, ආර්ථික, රැකියා, ලිංගික ගැටලූ, ඇබ්බැහිකම් හා මානසික ආතතීන් වැනි සරල ගැටලූකාරී තත්වයන් මෙන් ම මානසික අක‍්‍රමතා සඳහා ද උපදේශනය වැදගත් වේ. 

ඒ අනුව මානසික අක‍්‍රමතා ප‍්‍රධාන ලෙස ම කොටස් දෙකක් යටතේ වර්ගීකරණය කළ හැකි වේ. ඒවා නම්,

Load WordPress Sites in as fast as 37ms!
  1. Anxiety Family – Simple Type 
  2. Psychotic – Sever Type

මෙම ප‍්‍රභේද ද්විත්වය මුල්කාලීනව හඳුන්වන ලද්දේ නියුරෝසීය [Neurotic] සහ සයිකෝසීය [Psychotic] යනුවෙනි. අද වනවිට එය යල්පැනගිය භාවිතයක් සේ සලකමින් නියුරෝසීය යන පදය වෙනුවට කාංසා පවුලට අයත් අක‍්‍රමතා යනුවෙන් භාවිතා කෙරේ. මෙම යෙදුම පළමුවරට ඉදිරිපත් කරන ලද්දේ සිග්මන් ෆ්‍රොයිඞ් (Sigmund Freud)  නැමති මනෝවිද්‍යාඥයා ය. 

මෙම වර්ගීකරණයට අනුව මානසික ගැටලූ, අක‍්‍රමතා සහ රෝග යනාදිය හඳුනා ගැනීමේදී ප‍්‍රධාන සාධක තුනක් පිළිබඳව අවධානය යොමු කෙරේ. ඒවා පහත පරිදි වේ.

  • ප‍්‍රතිශත අනුව – Percentage wise
  • ප‍්‍රතිකාර අනුව – Treatment wise
  • වෘත්තීය ප‍්‍රතිකාරකරණය අනුව – Treating professionally
මානසික ගැටලූ

ප‍්‍රතිශත අනුව සලකා බැලීමේදී 99% ක් ම මානසික ගැටලූ වලින් ද 1% ක් පමණ ප‍්‍රමාණයක් උග‍්‍ර මානසික රෝගයන්ගෙන් පෙළෙන බව හඳුනාගත හැකි ය. එය පහත ප‍්‍රස්තාරයෙන් තවදුරටත් පැහැදිලි කෙරේ.

Load WordPress Sites in as fast as 37ms!

මින් පැහැදිලි වන්නේ සමාජයේ වෙසෙන පුද්ගලයින්ගෙන් බහුතර පිරිසක් ම සුළු මානසික අක‍්‍රමතා හෙවත් ගැටලූකාරී තත්වයන්ගෙන් පෙළෙන බවයි.

ප‍්‍රතිකාර අනුව සලකා බැලීමේදී උක්ත බහුතර මානසික ගැටලූ සහිත පුද්ගලයින් සඳහා ඖෂධ නො වන ප‍්‍රතිකාර පමණක් ලබාදෙන අතර උග‍්‍ර මානසික රෝග වලට ඖෂධ ප‍්‍රතිකාර ලබාදීම සිදු වේ. මානසික ගැටලූ සඳහා ඖෂධ නො වන ප‍්‍රතිකාර ලෙස භාවිතා වනුයේ උපදේශනය සහ මනෝප‍්‍රතිකාර පමණි.

නිදසුන් : 

Load WordPress Sites in as fast as 37ms!
  • පවුල් / විවාහ / පාසල් උපදේශනය 
  • ප‍්‍රජානන චර්යා ප‍්‍රතිකාරය / යථාර්ථවාදී චිත්තවේග චර්යා ප‍්‍රතිකාරය

වෘත්තීයමය ප‍්‍රතිකාරකවරුන් අනුව  සලකා බැලීමේදී උක්ත බහුතර මානසික ගැටලූ සහිත පුද්ගලයින් සඳහා මනෝඋපදේශකයින් සහ මනෝප‍්‍රතිකාරකවරුන් පමණක් ප‍්‍රතිකාර හා උපදේශනය ලබා දීම ප‍්‍රමාණවත් ඩවන තර මානසික රෝගීන් සඳහා මනෝවෛද්‍යවරුන්ගේ සහ මනෝචිකිත්සකවරුන්ගේ සහයෝගය  ලබාගත යුතු ය.මේ අනුව සමාජයේ බහුතර පිරිසක් තුළ ම පවතින්නේ උක්ත සරල මානසික ගැටලූකාරී තත්වයක් බව ගම්‍ය වේ. මෙම තත්වය අවම කරගැනීමට උපදේශනය අත්‍යාවශ්‍ය වේ. එනම්, වර්තමාන උපදේශනය අතිශයින් ම මිනිස් ගැටලූ පදනම් කරගෙන ගොඩනැගී ඇති බවක් දක්නට ලැබේ.